විදෙස් රටවලට ලබාදෙන සියලුම ආධාර අත්හිටුවීමට අමෙරිකාව සැලසුම් කරන බව BBC පුවත් සේවය පවසයි.
අමෙරිකානු බලධාරීන් විසින් විදෙස් රටවල පිහිටුවා ඇති අමෙරිකානු තානාපති කාර්යාල වෙත යැවූ රහසිගත ලිපියක් උපුටා දක්වමින් BBC පුවත් සේවය ඊයේ ඒ බව අනාවරණය කළේ ය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අදාල ලිපිය අනුව, සංවර්ධන සහ හමුදා ආධාර සියල්ලම අත්හිටුවීමට නියමිතයි.
ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුකරන සමාලෝචනයකින් පසුව රාජ්‍ය ලේකම්වරයා විසින් තීරණ ගන්නා තෙක් නව ආධාර ලබාදීම ද අත්හිටුවන බව BBC වාර්තා කළේ ය.