ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දහසකට අධික සේවකයින් පිරිසක් සේවයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රම බලකාය අඩු කිරීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් බව සඳහන් වේ.
ඒ අනුව, සිවිල් සේවයේ නිරතව සිටි සේවකයින් 1,107 දෙනෙකු සහ විදේශ සේවයට අනුයුක්තව සිටි සේවකයින් 246 දෙනෙකු මෙලෙස සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ට්‍රම්ප් පරිපාලනයේ මෙම තීරණයත් සමඟ, මේ වසර මුලදී ද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 1,500කට අධික සේවකයින් පිරිසක් ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වී තිබුණි.