2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:46
නවතම පුවත්

ඇමති කුමාර ජයකොඩිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි – රජයට බිලියන 3ක අලාභයක් කරලා!

ඇතිමලේ සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුවන බව පවසමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබුණත් අඩුම ලංසුව නොසලකා වැඩි ලංසුවකට එම කොන්ත්‍රාත්තුව ලබාදී රජයට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුවූ බව පෙත්සම්කරු පවසයි.

මෙම නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුගේ වියදමින් පෙබරවාරි 24 වැනි දිනට පෙර කුරියර් සේවාව හරහා නොතීසි එවන ලෙස නියෝග කළේය.

එස්. තුරෙයිරාජා සහ සම්පත් බී. අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

පෙත්සමට අනුව, කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් 0.08 බැගින් විදුලිය සැපයීමට ඉදිරිපත් වූ සමාගමක්, ලංසුකරුවකු විසින් කිලෝවොට්-පැයකට අමෙරිකානු ඩොලර් 0.122ක් පිරිනැමීම හමුවේ නොසළකා හැර ඇතැයි පැවසේ.

පෙත්සම්කාර මිලින්ද ප්‍රසන්න මඩුගල්ල කියාසිටියේ 2025 ජනවාරි 21 වන දින ජනමාධ්‍ය වාර්තා මගින් මෙම තීරණය දැනගත් බවයි.

කොන්ත්‍රාත්තුව ලබාදුන් සමාගම පසුව කිලෝවොට් පැයකට ඩොලර් 0.08 බැගින් විදුලිය ලබාදීමට එකඟ වූ බව පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

එහෙත් වියදම් සැළකිව යුතු ලෙස වැඩිකරමින් වසර 10ක කාලයක් තුළ අමතර සම්ප්‍රේෂණ පහසුකම් පිරිවැය ආවරණය කිරීමට රජය එකඟ වී තිබිණි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories