ආරුගම්බෙ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට යම් ප්‍රහාරයක් එල්ල කිරීමේ කුමන්ත්‍රණයට අදාළව එක් සිංහල පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ප්‍රහාර සැලැස්ම සම්බන්ධව මුස්ලිම් පුද්ගලයකු හා දෙමළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් විදේශයන්ගෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව යම් විනාශකාරි දෙයක් කිරීමට බලාපොරොත්තුව සිට තිබේ. සිංහල පුද්ගලයා පාතාලයට සම්බන්ධ අයකු බවද හෙළිව ඇත.
මේ පුද්ගලයන් අන්තවාදී අදහස් දරන්නන් නොවන අතර මුදල් ලබාගෙන මේ ප්‍රහාරයන් දියත් කිරීමට සූදානම් වූවෝ වෙති.
මේ පුද්ගලයන් සතුව පුපුරණ ද්‍රව්‍ය හෝ ගිනි අවි තැබී නැත.