2026 මාර්තු 18 බදාදා, 18:34
නවතම පුවත්

ආයුර්වේද වෙදදුරන්ට පත්වීම් ලබාදීමත් සමඟ දේශිය වෛද්‍ය ක්‍රමයේ ප්‍රවර්ධනයක්!

                                                                                                                                                                                                                                    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 304 දෙනෙකු සඳහා පත්වීම් අනුමත වී ඇති බැවින්, ඒවා කඩිනමින් ලබාදෙන බවයි. යාපනය, කයිඉට්ටි සිද්ධ ශික්ෂණ රෝහල නිරීක්ෂණය කිරීමෙන් පසු පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ආයුර්වේද ක්ෂේත්‍රයේ තවත් 1000කට අධික වෛද්‍යවරුන් සිටින නමුත්, සියලු දෙනා රජයට බඳවා ගත නොහැකි බවයි. කෙසේ වෙතත්, සීමාවාසික පුහුණුවෙන් පසු ඔවුන්ට මෙරට හෝ විදෙස්ගතව සේවය කිරීමට අවස්ථා සලසා දිය හැකි බවත්, සංචාරක ක්ෂේත්‍රයටද යොමු කිරීමේ හැකියාව සලකා බලන බවත් අමාත්‍යවරයා පැවසීය. මෙවර අයවැයෙන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට වැඩි මුදලක් වෙන් කර ඇති බව පෙන්වා දුන් ඔහු, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය විධිමත් කිරීමටත්, වසර තුනක් තුළ නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් ස්ථාපිත කිරීමටත් බලාපොරොත්තු වන බව සඳහන් කළේය. මෙම මධ්‍යස්ථාන සුවතා මධ්‍යස්ථාන ලෙස හැඳින්විය හැකි බවද ඔහු පැවසීය.

සංචාරක සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දෙමින්, වසරකට සංචාරකයින් ලක්ෂ 40ක් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමට දේශීය වෛද්‍ය ක්‍රමයන් ප්‍රධාන හේතුවක් ලෙස යොදාගත හැකි බව අමාත්‍යවරයා විශ්වාස කරයි. ඉදිරියේදී කයිඉට්ටි සිද්ධ ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස උසස් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරන බවත්, අවශ්‍ය හෙද කාර්ය මණ්ඩලය ලබාදීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය. ඔසු උයන් රෝහල් පද්ධතිය සංචාරක ව්‍යාපාරය සමග දියුණු කිරීමටත්, දේශීය වෛද්‍ය ක්‍රම මුදල් ඉපයීමට හැකි පරිදි නවීකරණය කිරීමටත් අවශ්‍ය සහයෝගය රජය ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories