2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:32
නවතම පුවත්

ආදිවාසී ගැටළු විසඳීමට නීතිමය පියවර

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුළික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් (22) පාර්ලිමේන්තු, සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

වැදි ජනතාවගේ, ඓතිහාසික වටිනාකම පිලිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වන විට ඔවුන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිලිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටළු පිලිබදවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්තද සිය ගැටළු වලට නිසි විසඳුමක් නොලැබුණු බවද පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් බලගල්ල, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සුරියබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පරිසර අමාත්‍යංශය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරන නිලධාරීන් සහ ආදිවාසීන් පිරිසක් සහභාගී වූහ.

සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පැවසුවේ, වැදි ජනතාව රටේ ඓතිහාසික වස්තුවක් බවත්, ඔවුන් ආරක්ෂාකරමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂාකර දීම අත්‍යවශ්‍ය බවත් ය.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කළේ, පරිසර අමාත්‍යංශය මගින් ආදීවාසීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති රෙගුලාසි සම්මත කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බවයි.

ඒ සඳහා පවතින නීතිමය තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව පරිසර අමාත්‍යාංශයේ සහ වන ජීවී දෙපාරිතමේන්තවේ නිලධාරීහු මෙහිදී පැහැදිළි කළහ.

ආදීවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ටද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පැවසීය. ඔවුන් මුහුණ දෙන ගැටළු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories