2025 ජූනි 21 සෙනසුරාදා, 15:53
නවතම පුවත්

ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දෙන පළමු මොහොතේම තමන් නිවසින් යන බව මහින්ද කියයි

හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් තමන්ට රජයෙන් ලබා දී තිබෙන නිල නිවසෙන් ඉවත්වීමට වර්තමාන ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දෙන පළමු මොහොතේම තමන් ඉන් ඉවත්ව යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු වෙසෙන නිල නිවස සම්බන්ධයෙන් උද්ගතව ඇති සංවාදය පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

“හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන නිල නිවෙස් හෝ පහසුකම් සම්බන්ධයෙන් වර්තමාන රජය ගන්නා ඕනෑම තීරණයක් පිළිගැනීම මේ රටේ පුවර වැසියෙකු ලෙස මගේ වගකීමක්. මේ නිවසින් ඉවත්වෙන්න කියලා මට ලිඛිතව දැනුම් දීමක් කළා නම් මම ඒ කියන දිනයට ඉන් ඉවත් වෙනවා.

ඒත් මේක කිව්වේ ජනතාවට, මම ජනතා නියෝජිතයෙකු විදියට මේ රටේ මිනිස්සුන්ට අවංකව සේවය කළා. මේ ආණ්ඩුව පත් කළේත් ජනතාව. ඒ නිසා ආණ්ඩුව තීරණයක් ගෙන මට කිව්ව නම් මම යනවා.

මම බලෙන් නිල නිවසක ඉන්නෙ නෑ. එහෙම අවශ්‍යත් නෑ. ආණ්ඩුව නිලවශයෙන් මට ඉවත්වෙන්න කියන දිනයට මම ඉවත් වෙනවා. මේ නිවස ලක්ෂ 46කට කුලියට දීලා රටට අවශ්‍ය මුදල් හොයා ගැනීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ.

මට කියන්න තියෙන්නේ මං සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයක් ඉස්සෙල්ලා මට කියන්න. මාධ්‍යට කිව්වට පස්සෙනේ මම දන්නේ. මට ඉස්සෙල්ලා කිව්වොත් මම මාධ්‍යයට කියලම ඒ තීරණ ක්‍රියාත්මක කරන්නම්.”

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සිඟමන් යදිමින් සිටි බාල වයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට!
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...
Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...

උණුසුම් පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සිඟමන් යදිමින් සිටි බාල වයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට!
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories