සර්ජවජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඡන්දය ලබාදුන් බහුතරයක් අද වනවිට ආණ්ඩුව පිළිබඳ කලකිරී සිටින බවයි.
සර්වජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රියාකාරීන් හා පක්ෂ නායකයින් අතර හමුවක් ඊයේ (07) පස්වරුවේ පැවැත් වුණු අතර එය අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම පිරිස් තම බලවේගයට එක් කරගැනීමට කටයුතු කරන බවය.
එහිදී දිලිත් ජයවීර මහතා අතින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 7 සඳහා පත් කෙරුණු නව නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද සිදු විය.
සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,
“ඔබ මොහොතකටවත් හිතන්නට එපා දැන් තියෙන ආණ්ඩුව හැමදාම දිනනවා, ඒක තමයි ට්‍රෙන්ඩ් එක, එහෙම තමයි වෙලා තියෙන්නේ, බැලු බැලූ අත මාලිමාවට ඡන්දය දීපූ අය, ඒක තමයි අභියෝගය කියලා. ඒ අභියෝගය ජයගන්න මාලිමාවට ඡන්දය දිපු අයට නිවැරිදි කරුණ නිවැරදිව පැහැදිලි කරලා දුන්නොත් ඔවුන් අපි සමග හිටගන්නවා. ඒ ඇයි ? ඒක තමයි අපි සමග හිටපු මිනිස්සු තමයි ඒ සියලුදෙනාම. මම බොහොම වගකීමෙන් කියනවා. මෙවර මාලිමාවට උදව්කරපු මගේ මිත්‍රයෝ අද බොහෝදෙනා මාලිමාවේ නෑ. ඒ නිසා අපිට පුළුවන් අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මෙය ජයග්‍රහණය කරා මෙහෙය වන්න.”
මේ අතර සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (08) පෙරවරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි අතර රුවන්වැලි මහසෑ රදුන් වැදපුදා ගත් ඒ මහතා එහි පැමිණ සිටි බැතිමතුන් සමඟ සුහද කතාබහක ද නිරත වුණි.
ඉන් අනතුරුව රුවන්වැලි මහසෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි බැහැදැක තිබුණි.