ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රථම අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට අද (17 ) පෙරවරු 10.30ට ඉදිරිපත් කෙරේ.
මෙවර ඉදිරිපත් කෙරෙන්නේ හැත්තෑ නව වැනි අයවැය වන අතර අයවැය ඉදිරිපත් කරන හතළිස් වැනි මුදල් ඇමැතිවරයා වන්නේ ජනාධිපතිවරයාය.
අයවැය විවාදය හෙට (18 ) ආරම්භ කෙරෙන අතර අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 25 වැනිදාය. කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම එදින සවස 6ට පැවැත්වේ.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කෙරෙන බව අවස්ථා කිහිපයක දී ප්‍රකාශයට පත් කෙරුණි