කෙටිම කාලයක් තුළ වැඩිම බොරුවක් සිදුකළ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවත් ආණ්ඩුව කට ඇරියොත් ප්‍රකාශ කරන්නේ බොරුවක් බවත්, බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන්ම ‘ටොම් පචයා’ නැමති ලේබලය වැදී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජන හමුවක් අමතමින් පවසන ලදි.
විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතනවලට මුදල් ලැබෙන්නේ එය ජාතික ජන බලවේගයේ නම් පමණක් බවට ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයෙක් නොකිවයුතු කතාවක් බවද, එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය හරහා පෙන්නුම් කරන්නේ, පරදින ගමනේ අවසාන තුරුම්පුව වන්නේ ප්‍රතිපාදන ලබා නොදීම බවයි.