පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පෞද්ගලික හේතූන් මත එළඹෙන 15 වනදා සිට එම ධුරයෙන් ඉවත් වන බව ඔහු සභාවට දැනුම් දී ඇත.
ඔහුගේ ඉල්ලා අස්වීම සභාව විසින් පිළිගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 2023 මැයි 25 වනදා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ ධම්මික දසනායක මහතා, එම වසරේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ලෙස පත්කරනු ලැබීය.
ලේකම් ධුරය වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5ක පමණ දීමනාවක්, නිල රථයක් සහ අනෙකුත් පහසුකම් හිමිව තිබිණ.