2025 ජූනි 22 ඉරිදා, 01:06
නවතම පුවත්

‘ආචාර්ය’ පට්ටම් ගැන තවත් ආන්දෝලනයක්

කථානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳ කම්පන සහගත හෙළිදරව්ව සහ ඔහුගේ දැඩි නිහඩතාවයෙන් දින කිහිපයකට පසු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අරුණ කරුණාතිලක ‘ආචාර්ය’ ලෙස හැඳින්වුවද ඔහුට ද එවැනි සුදුසුකම් නොමැති බව අනාවරණය වීමත් සමඟ නව ආන්දෝලනයක් මතුව තිබේ.

මීට අමතරව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර නම සමග පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ආචාර්ය’ උපසර්ගය යොදා පසුව එය ඉවත් කිරීම ද සිදුව ඇති බව වාර්තා වේ.

අමාත්‍ය කරුණාතිලක ‘ආචාර්ය’ නමින් වැරදි ලෙස හැඳින්වූ බව බව තතු දත් මූලාශ්‍ර උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වාර්තා කර ඇත.

ඇමැතිවරයා මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ගණිතය පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා සුදානමින් සිටින බව වාර්තා වේ.

ඔහු සිය නිබන්ධනය ඉදිරි මාස තුන ඇතුළත පමණක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවැසේ.

මේ අතර, මීට පෙර සභානායක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල ලිපිවල අධිකරණ අමාත්‍යවරයා ද ‘ආචාර්‍ය’ යන නාමයෙන් යොමුකර තිබූ නමුත් එය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබිණි.

කෙසේවෙතත් නීතිඥ හර්ෂණ නානායක්කාර කිසිදු අවස්ථාවක සිය මැතිවරණ ව්‍යාපාරයේදී තමාගේ නම සමග ‘ආචාර්ය’ යනුවෙන් යොදා නැති බව නිරීක්ෂණය වේ.

ජාතික ජන බලවේග ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ විද්වතුන් මහජනතාව රැවටීමට ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් භාවිත කර ඇති බවට එල්ලවන චෝදනා මධ්‍යයේ මෙම සිදුවීම් වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් ඇති අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ දළ විශ්ලේෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු නිලධාරීන්ට මේ වන විට උපදෙස් ලැබී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර, කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ෆෙනෙන බව මේ වන විට සමගි ජන බලවේගය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories