ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් ජුනි 15 සහ 16 ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ය.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ .
2005 වසරෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය යි .
මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ පාලනය” මැයෙන් ජූනි 16 වන දා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් සහභාගී වීමට නියමිත ය.