ප්‍රභූන්ට, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ හිටපු දේශපාලනඥයන්ට ත්‍රිවිධ හමුදාව විසින් සපයනු ලබන ආරක්ෂාව ළඟදීම සමාලෝචනය කිරීමට නියමිත බව වාර්තා වේ.
තර්ජන තක්සේරුවකින් අනතුරුව ඔවුන්ට ලබාදිය යුතු ආරක්‍ෂාවේ ප්‍රමාණය පිළිබඳ තීරණයක් ගන්නා බව ආරංච් මාර්ග සදහන් කරයි.
ඇතැම් ප්‍රභූන් වෙත දැනට ආරක්ෂක භටයන් 100කට වැඩි පිරිසක් යොදවා ඇති බව එම ආරංච් මාර්ග සඳහන් කරයි.
මෙම සැලැස්ම යටතේ ආගමික ස්ථානවලට යොදවා ඇති ආරක්ෂාව ද නැවත සළකා බලනු ඇත.
කෙසේවෙතත්, ප්‍රභූන්ගෙන් සමහරකුට ගමන් කිරීමේ දී අදාළ පොලිස් ස්ථානවලින් අමතර ආරක්ෂාවක් අවශ්‍ය නම් ලබා දීමට පියවර ගන්නා බව ද එම ආරංච් මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.