2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:27
නවතම පුවත්

ආගම් විකෘති කරන අයට වැට බදින පනත සංශෝධනය කරයි

ආගමික ඉගැන්වීම් සහ පිළිවෙත් විකෘති කරන බව කියන පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ආගමික ආයතන සහ වගකිව යුතු පාර්ශවයන් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙස බෞද්ධ විහාර ආඥාපනත (සංශෝධිත) සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.

ඩේලි මෝර්නින් වෙත අදහස් දක්වමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසා ඇත්තේ, මෙම විශේෂිත ගැටළු විසඳීම සඳහා බෞද්ධ විහාරස්ථාන ආඥාපනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කළ යුතු බවයි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අනෙකුත් ආගමික නායකයන් ද මෙවැනිම ඉල්ලිම් ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

අවශ්‍ය විටෙක ආගමික ආයතනවලට මෙවැනි ගැටලු විසඳීමට සහාය දීමට රජය සූදානම් බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

“සංශෝධනය සිදුවෙමින් පවතිනවා. මේ වන විට එම සංශෝධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න විමසා බලමින් තිබෙනවා. ආගම් විකෘති කරන ව්‍යාජ ලෙස පෙනීසිටින්නන් නිසා ඇති වන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මූලික අරමුණයි.”

”ජෙරොම් ප්‍රනාන්දු වැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ද එවැනිම ප්‍රශ්න මතුවුණා. මෙම ගැටලු විසඳීම සඳහා ආගමික ආයතනවලට සහාය වීමට රජය සූදානම් බව අපි පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා” යැයි අමාත්‍යවරයා පවසයි.

භික්ෂූන් වහන්සේලා පිරිසක් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවල මහ නාහිමිවරුන් වෙත කරන ලද පැමිණිලි අනුව මෙම ක්‍රියාවලිය කඩිනම් වී තිබේ.

දේවගැතිවරයකු බව පවසන ජෙරොම් ප්‍රනාන්දු නමැත්තාගේ නායකත්වයෙන් යුත් වැඩසටහනකට බෞද්ධ භික්ෂුවක් සහභාගී වී සිටි සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ඉදිරිපත් වී ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන්, ආගමික ඉගැන්වීම් සහ පිළිවෙත් විකෘති කරන බව කියන පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව පියවර ගන්නා ලෙස පාර්ශව කිහිපයක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories