බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින් එම තීරණය ගෙන තිබෙනවා.