අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසන අතර සාමාන්‍ය පෙළ විභාගය, හෙට(17) සිට ලබන 26 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් ස්ථාපිත විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 534ට සියලු ප්‍රශ්න පත්‍ර යොමු කර ඇති බවත් මධ්‍යස්ථාන 3663කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ සඳහා පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව, 478,182 ක් වන අතර ඉන්, 398,182 ක් පාසල් අයැදුම්කරුවන්ය.
විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් මධ්‍යස්ථාවලට යොමු කෙරෙනු ඇති.
මෙවර මධ්‍යස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන යාමට අවසර හිමිවන්නේ, විභාග ශාලාධිපතිවරුන්ට සහ අතිරේක ශාලාධිපතිවරුන්ට පමණි.