2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව අද (12) බැංකු ගිණුම් වෙත බැර කරන බවත්, රුපියල් 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ බෙදා හැරීමට නියමිත බවත් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
එමෙන්ම අදාළ ප්‍රතිලාභීන්ට අද සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබා ගැනීමට හැකියාව පවතියි.