ශ්‍රී ලංකාවේ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනක් වන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැන්වීම් පුවරුවල, ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
එමෙන්ම, වඩාත් පහසුව සඳහා, සුදුසුකම්ලාභීන්ගේ සම්පූර්ණ නාමලේඛනය www.wbb.gov.lk යන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ ද පළ කර තිබේ.
දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබා දී ඇති තොරතුරුවල යම් වැරැද්දක් හෝ වෙනස්කමක් තිබෙන බව හැඟී යන අය, මෙන්ම සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ තම නම සඳහන් වී නොමැති අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
තවද, අස්වැසුම දෙවන අදියර සඳහා මූලික අයදුම්පතක් ඉදිරිපත් කළද, නිවාස තොරතුරු එක්රැස් කිරීමට රජයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු තම නිවසට නොපැමිණියේ නම්, එවැනි අයදුම්කරුවන්ටද අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.
අභියාචනා ගොනු කිරීමට පෙර, සියලුම අභියාචනාකරුවන් නිවාස තොරතුරු එක්රැස් කිරීමේදී තම පවුල පිළිබඳ ලබා දුන් තොරතුරු IWMS දත්ත පද්ධතියට පිවිස නිරීක්ෂණය කළ යුතුයි.
අභියාචනාකරුවන්ට හෝ විරෝධතා ඉදිරිපත් කරන්නන්ට www.wbb.gov.lk නිල වෙබ් අඩවියට පිවිස, “අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ” මෙනුවට ඇතුළත් වී, මාර්ගගත ආකාරයට තමන් විසින්ම අභියාචනා/විරෝධතා ඉදිරිපත් කළ හැකියි. මාර්ගගත ක්‍රමයට අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේදී, අයදුම්කරුවන්ට තමා අයත් ප්‍රදේශයේ විදාතා සම්පත් මධ්‍යස්ථානවල සහාය ද ලබා ගැනීමට හැකියාව තිබේ.