2025 ජූනි 22 ඉරිදා, 04:05
නවතම පුවත්

අසපුවක් තුළ භික්ෂුවක් ඝාතනය කිරීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

අනු⁣රාධපුර, එප්පාවල පිහිටි අසපුවක වැඩසිටි හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කටුනායක ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඒ, සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරුවලට අනුව වේ.

අනුරාධපුර එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ හිමිනමක් එම විහරස්ථානය තුළදීම තියුණු ආයුධයකින් පහරදී පසුගියදා ඝාතනය කර තිබුණි.

එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩවිසූ පූජ්‍ය විලච්චියේ ප්‍රේමරත්න නම් 69 හැවිරිදි හිමිනමක් වේ.

උන්වහන්සේගේ ශරීරයේ ස්ථාන කිහිපයක දරුණු කැපුම් තුවාල නිරීක්ෂණය වී තිබුණි.

ඒ අතරතුර අසපුවට අයත් ත්‍රිරෝද රථය එප්පාවල රෝහල අසල පෞද්ගලික ඉඩමක දමාගොස් තිබියදී පොලීසිය සොයාගත් අතර එහි රියදුරා අතුරුදන්වී සිටියේය.

අනතුරුව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධුපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත එප්පාවල පොලීසිය මගින් ආරම්භ කර ඇත.

ඒ අනුව අතුරුදන්වූ පුද්ගලයාගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරුවලට අනුව අනාවරණ වී තිබුණේ ඔහු කටුනායක ප්‍රදේශයේ රැඳී සිටින බවයි.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළ බව පිළිගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ භික්ෂුව සමග අතිශය පෞද්ගලික කරුණක් හේතුවෙන් ඝාතනය සිදුකර පලාගිය බව ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories