අසාර්ථක සන්නිවේදන චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමක් ලෙස හුවා දක්වමින් වසර 13ක් තිස්සේ රටේ ජනතාව නොමඟ යවමින් පැතිර ගිය අසත්‍ය වෙනුවට සත්‍ය අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම පවසයි.
ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සමාගම් සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් ඉදිරියටත් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි.
එමෙන්ම නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් දේශපාලන අවශ්‍යතා ඉටුකර ගන්නා පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සම්පූර්ණ නිවේදනය පහතින්.
