2025 අගෝස්තු 16 සෙනසුරාදා, 00:33
නවතම පුවත්

අවුරුදු උළෙලට විකාර එපා- නියෝජ්‍ය ඇමති ඉල්ලයි

අවුරුදු උත්සවවලදී සංස්කෘතියට නොගැළපෙන අංග එකතු කිරීමෙන් වැළකී සිටින ලෙස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක උත්සව සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

විනෝදය පිණිස අසභ්‍ය අංග එකතු කිරීම තුළ සම්පූර්ණයෙන් ම හානි වන්නේ සිංහල, දෙමළ සංස්කෘතිය බව ත් බිම් මට්ටමින් සෑම අවුරුදු උත්සවයක් ම නිරීක්ෂණය කළ නොහැකි නිසා අවබෝධය මත සංවිධායකයන් ක්‍රියා කළ යුතු බව ත් ඔහු පැවසීය.

මේ අතර, එවැනි අසංස්කෘතික අංග එකතු කිරීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කොයිතරම් දුරට වලංගුදැයි සොයා බලන බව ද ඔහු කීය.

මෙම ඉල්ලීම් නොතකා අත්තනෝමතිකව යම් කිසි අවුරුදු උත්සවයක් සංවිධානය වන්නේ නම් නීතිමය රාමුව තුළ ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳ සොයාබලන බව අවධාරණය කළ නියෝජ්‍ය ඇමතිවරයා සංස්කෘතික අංග රැකෙන පරිදි අවුරුදු උත්සව සංවිධානයට ජන මාධ්‍ය, සමාජ මාධ්‍යය, සංස්කෘතික නිලධාරීන්, බෞද්ධ කටයුතු සමායෝජකයන් හරහා පෙළඹවීම් කළ යුතු බව ද ප්‍රකාශ කළේ ය.

මේ අතර, අවුරුදු නැකැත් සැකසීමේදී ලබන වසරේ සිට රාජ්‍ය නැකැත් කමිටුවට අමතරව දිවයිනේ සෙසු ජ්‍යොතිර්වේදීන්ව ද සහභාගී කර ගන්නා බව ත් අවුරුදු නැකැත් සම්බන්ධව විවිධ පාර්ශ්වවල විවේචන වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ නැකැත් කමිටුවෙන් පරිබාහිර ජ්‍යොතිර්වේදීන්ව ද සහභාගී කරගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙවර සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළත් නැකැත් මේ වන විටත් සකසා ඇති බව ත් නැකැත් සැකසීම සඳහා ඇතැම් ජ්‍යොතිර්වේදීන් සම්බන්ධ නොකර ගැනීම, යම් පාර්ශ්වයක් සකසන ලද ඒවාට අනුගත වීමට ඔවුන් එකඟ නොවීම යන කරුණු මත කමිටුවෙන් පරිබාහිර ජ්‍යොතිර්වේදීන් අතර සැක මතුවීම වළක්වා ගැනීමට මෙම වැඩපිළිවෙළ ඉවහල් වන බව ත් ඔහු පැවැසීය.

බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජ්‍යොතිර්වේදීන් සමග මේ පිළිබඳ පසුගිය කාලයේදී සාකච්ඡා සිදුකළ බව ත් ඉන්පසු විරෝධතාවක් ඇති නොවුණු බව ත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories