ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නවසීලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමත්ව තිබේ.
A ඛාණ්ඩයෙන් නවසීලන්තය සහ ඉන්දියාව සුදුසුකම් ලබා ඇති අතර, B ඛාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමත්ව ඇත.
මෙම තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද (02) දිනයේ පැවැත්වීමට නියමිතයි.
ඒ, ඉන්දියාව සහ නවසීලන්තය අතරයි
එම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි.
අනතුරුව පළමු අවසන් පූර්ව තරගය ලබන 4 වැනිදා සහ දෙවන අවසන් පූර්ව තරගය ලබන 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ලබන 9 වැනි ඉරිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ