සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද සිය සහතිකය සටහන් කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.
එහිදී එය සංශෝධන රහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබුණා.