නව කථානායකවරයා ලෙස පත්කිරීම සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරන තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කරයි.
එම නම් වන්නේ, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුණආරච්චි ය.
මේ අතුරින් නිහාල් ගලප්පත්තිගේ නම මීට පෙරද කතානායක ධූරය සඳහා යෝජනා වී තිබුණු බව වාර්තා විය.
අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව රට තුළ මතුවූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ අශෝක රන්වල ඊයේ කථානායක ධුරයෙන් ඉල්ලා අස්විය.
ලබන 17වැනිදා රැස්වන පාර්ලිමේන්තුව නව කථානායකවරයෙක් තෝරාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.