අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසම පැවසූ අතර වැඩිපුර ගාස්තු අය කිරීම, මගීන්ට ආචාරශීලී නොවීම හා වේගයෙන් රිය ධාවනය කිරිම ඇතුළු පැමිණිලි රැසක් ඒ අතර වන බවද සඳහන් කළේය. එසේම ජාතික ගමනාගමන කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලබන 21 වැනිදාට පසුු එම සියලු පැමිණිලි විභාග කිරීම ආරම්භ කරන බවද, 1955 ක්ෂණික දුරකථන අංකය අමතා තවදුරටත් පැමිණිලි යොමු කළ හැකි බවය.