2025 ජූනි 22 ඉරිදා, 03:58
නවතම පුවත්

අලුත් අවුරුදු පණිවුඩය

ශ්‍රී ලාංකික අපට පසුගිය 2024 වසර සැබවින්ම පරිවර්තනීය වසරක් විය. භේදයකින් තොරව එකට එක්ව සංවේදී, පිරිසිදු හා ජනතාව කේන්ද්‍ර කරගත් දේශපාලන සංස්කෘතික වෙනසක් මෙරට ජනතාව තෝරාගෙන ඇත.

වගකිවයුතු රජයක් ලෙස අපි ආර්ථිකය, කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු විවිධ තීරණාත්මක ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටිමු. සෑම පුරවැසියෙකුටම ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සාමකාමී, නිදහස්, ගෞරවනීය සහ තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම අපගේ දැක්මයි.

පසුගිය කාලය තුළ ජාතියක් ලෙස එක්සත් වීමට අපට අවස්ථා කිහිපයක් ලැබුණ නමුත් එම අවස්ථාවන්හි නිසි ඵල ලබා ගැනීමට අප අසමත් විය. කෙසේ වෙතත්, මෙම ලැබුණු අවස්ථාව මග නොහැර , රැක ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතුය. මේ තීරණාත්මක මොහොතේ රජය මහජනතාවට සේවය කිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටී. අධිෂ්ඨානශීලීව එකාවන්ව එළඹෙන 2025 වසරට ගමන් කරමු යැයි මම ඔබට ඇරයුම් කරන්නෙමි.

දීප්තිමත් අනාගතයක් කරා යන ගමන අභියෝගාත්මක වන අතරම, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අපි දැනටමත් සැලකිය යුතු පියවර රැසක් ගෙන ඇත්තෙමු. 2025 වසර සාමකාමී, ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් වේවායි සියලු පුරවැසියන් වෙත මගේ සුබ පැතුම් පිරිණමමි.

නව වසර සාර්ථක කර ගැනීමටත්, අප රටට යහපත් අනාගතයක් උදාකිරීමටත් අප හා එක්වන ලෙස සියලු දෙනාටම නව වසර ආරම්භ කරන මේ මොහොතේ මම ආරාධනා කරමි. ලෝකය තුළ අභිමානවත් සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස “ශ්‍රී ලංකාව” යන නාමය බැබළවීමට අප සැම එක්ව කටයුතු කරමු.

හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2024.12.31

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories