කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් අලුතින් මිලදී ගත් එයාර් බස් A330 – 200 ගුවන් යානය අද (ජූනි 21) දින සිය ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියා.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, මෙම ගුවන් යානය අද දහවල් 1:48ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්ව ගිය බවයි. මෙම නව ගුවන් යානය අද දිනයේම මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතයි.