අලි සංචරණ මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බවත් එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත්, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එය සිදු කරන බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා.
අලි – මිනිස් ගැටුම් පාලනය කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බවද පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.