2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:06
නවතම පුවත්

අලි සංගණනය අද ආරම්භ වේ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද (17) ආරම්භ වෙයි. හෙට (18) සහ 19 දෙදින තුළදී ද මෙම සමීක්ෂණය සිදු කෙරේ. රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3130 කදී මෙම අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇත. මෙම සමීක්ෂණයේදී දත්ත රැස්කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය, වෙනත් රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය, ආරක්ෂක හමුදා සාමාජිකයින්, පුද්ගලික අංශයේ විවිධ ආයතනවල සේවා නියුක්තයන්, උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා ස්වකැමැත්තෙන් සහභාගි වන්නන් යොදාගනු ලබයි. මෙම සමීක්ෂණයෙන් රැස්කරනු ලබන දත්ත විධිමත් විශ්ලේෂණයකට ලක් කිරීම මඟින් අලි සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කෙරේ.

දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණය අවසන් වරට පවත්වා ඇත්තේ 2011 වසරේදී ය. එම සමීක්ෂණයේදී මෙරට අලි ගහනයේ අවමය සතුන් 5879ක් ලෙසත් එම ගහනයේ 55.09% ක් වැඩිහිටි අලින් ද 25.03% ක් තරුණ වයසේ පසුවූ අලින් ද 12.04% ක් පැටවුන් ද 6.04% ක් ළදරු අවස්ථාවේ සතුන් ද වූ බව වාර්තා වී ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories