2025 අගෝස්තු 15 සිකුරාදා, 00:59
නවතම පුවත්

අලියා සජබේ දීගෙට රාජිත කපුකම බාරගනි

එළැ⁣⁣ඹෙන පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ වගකීම හිටපු අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න මහතා ස්වේච්ඡාවෙන්ම භාරගෙන ඇති බව වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂ දෙක ඒකාබද්ධව තරග කළ යුතු බවට බොහෝ පාර්ශ්ව කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව සේනාරත්න මහතා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව මේ වනවිට දේශපාලන වේදිකාවේ කතා බහක් මතුව ඇති අතර, පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පිළිබඳ පනත් කෙටුම්පත ද සභාගත කළේය.

ඒ අනුව දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය මැතිවරණවලදී ප්‍රධාන දේශපාලන පක්ෂවල පසුබෑම හමුවේ ඇතැම් පාර්ශ්ව එළැඹෙන මැතිවරණයේදී ‘අලියා’ ලකුණෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරගවැදිය යුතු බව ද පවසා ඇති බව වාර්තා වේ.

එහෙත් එක්සත් ජාතික පක්ෂයට වඩා සමගි ජන බලවේගය පසුගිය මැතිවරණවලදී ඉදිරියෙන් පසුවීම හේතුවෙන් තවත් පාර්ශ්ව පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වියයුතු බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories