2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:31
නවතම පුවත්

අල් ජසීරා රනිල්ව රවට්ටලා

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතෘප්තිය පළකර ඇති අතර, ඊට සම්බන්ධ වූ සාමාජිකයන් පිළිබඳව කනස්සල්ල පළකර ඇත.

සම්මුඛ සාකච්ඡාව විකාශනය වූ වහාම ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ කියාසිටියේ සාකච්ඡාව මෙහෙයවූ මෙහ්ඩි හසන් සමඟ එක් වූ අනෙක් සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකුට එල්ටීටීඊ හිතවාදී සම්බන්ධතා ඇති බවයි.

“මානව හිමිකම් නීතිඥවරියක් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් වන අම්බිකා සත්කුනනාදන් සාකච්ඡාවට සහභාගී වන බව මට දන්වා සිටියා. අපගේ දෘෂ්ටිවාදාත්මක වෙනස්කම් තිබියදීත් මම ඇයව හඳුනන බැවින් මම ඒ ගැන සතුටු වුණා. කෙසේවෙතත්, පසුව මට දැනගන්නට ලැබුණේ ඇය වෙනුවට එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා ඇති තවත් සාමාජිකයන් දෙදෙනෙකු පත්කළ බවයි,” යැයි රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ඔහු සම්මුඛ සාකච්ඡාවේ ආකෘතිය ද විවේචනය කළ අතර, ඔහුගේ ප්‍රතිචාරවල ප්‍රධාන කොටස් කපාදමා ඇති බවට චෝදනා කළේය.

“මම දේශීය ජනමාධ්‍ය සමඟ කතා කරන විට, එය සජීවීව විකාශනය වෙන නිසා, හොඳ සහ නරක යන දෙකම එළියට එනවා. නමුත්, අල් ජසීරා ආයතනය මා සමඟ පැය දෙකක් සම්මුඛ සාකච්ඡා කර, පැයක කොටසක් පමණක් නිකුත් කර තිබෙනවා. එයින් වැඩි කොටසක් සංස්කරණය කරලා” ඔහු සඳහන් කළේය.

පහතින් දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව සහ එය විවේචනය කරමින් රනිල් වික්‍රමසිංහ පැවැත්වූ ජනමාධ්‍ය හමුවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories