2025 අගෝස්තු 15 සිකුරාදා, 01:05
නවතම පුවත්

අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරුන්ට වැඩ වරදී

රුපියල් 60,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිසම සඳහන් කළේ, ඉඩමේ පිහිටි සැලැස්ම ප්‍රදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලට නීති මඟින් කටයුතු නොකර සිටීම සහ එය කඩා ඉවත් නොකිරීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවය.

ප්‍රථමයෙන් එම කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 350,000ක මුදලක් ඉල්ලා ඇතත් පසුව එය ලක්ෂයක් දක්වා අඩු කර නැවතත් එම මුදල රුපියල් 60,000ක් දක්වා අඩු කර ඇති බව සඳහන්ය.

කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කරච්චිය ප්‍රදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී එම කාන්තාවගේ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව   අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories