හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් චෝදනාවක් ඉදිරිපත් කර ඇති මේ සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, කිසිදු පදනමක් නොමැතිව තමා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ලිපි එවීම සහ තමාගේ නීතීඥවරයා විසින් එවන ලද ලිපි ජනාධිපතිවරයා සමග බෙදා ගැනීමට අල්ලස් කොමිසමේ ජනරාල්වරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි.
හිටපු ජනාධිපතිවරයා දැනුම් දුන්නේ, චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් ඔහුගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇත්දැයි විමසූ මොහොතේ තමා නීතිඥයෙකු ලෙස එහිදී උපදෙස් ලබා දුන් බවත්, ඒ ගැන කිසිදු හෙළිදරව්වක් කිරීමට හැකියාවක් නොමැති යැයි කොමිසමට ප්‍රකාශ කළ බවත්ය. එසේම ඔහු පෙන්වා දෙන්නේ, චක්‍රලේඛය යනු නීතියේ නැවත ප්‍රකාශයක් පමණක් බවත්, චක්‍රලේඛය නීතිය නොවන බවත්, නීතියට අනුව නිසි ක්‍රියාමාර්ගය වන්නේ ස්ථාවර තැන්පතුව ඉවත් කර පළාත් අයවැයෙන් අවසර දී ඇති එවැනි අරමුණු සඳහා අයදුම් කිරීම බවයි .
එසේම තමා සම්බන්ධයෙන් කරන ලද ඉදිරිපත් කිරීම් අධිකරණය හිතාමතාම නොමඟ යැවීමක් බවද, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමන් සිය නීතිඥයින්ගෙන් උපදෙස් ලබා ගන්නා බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියා.