2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:36
නවතම පුවත්

අර්චුනාගේ මන්ත්‍රී ධූරයට විරෝධතා ගොනු කිරීමට දින ලබා දෙයි.

අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා දින ලබාදී තිබෙනවා.

අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අදාළ පෙත්සම අද (01) කැඳවනු ලැබූ අවස්ථාවේදී, වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනානි දයාරත්න අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එහිදී එම නඩුකරයට අදාළ විරෝධතා ගොනු කිරීමට සති හතරක කාලයක් ලබා දුන් අතර, පෙත්සම්කාර පාර්ශවයට ප්‍රතිවිරෝධතා ලබා දීමට සති දෙකක කාලයක් ලබා දෙන බව විනිසුරු මඬුල්ල දැනුම් දී තිබෙනවා.

එමනිසා පෙත්සම සැප්තැම්බර් 26 වනදා කැඳවීමට දින නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories