2025 මැයි 03 සෙනසුරාදා, 23:32
නවතම පුවත්

අරක්කු නොබිපු කෙනෙක් පොලිසියේ අරක්කු ටෙස්ට් එකකින් පොසිටිව් වෙලා

බීමත් රියැදුරන් හඳුනාගැනීම සඳහා කිරිඳිවැල පොලිසිය විසින් කරන ලද ශ්වසන පරීක්ෂණයක දී බීමත්ව නොසිටි බව කියන සහ දුර්ලභ දියවැඩියා රෝගයකින් පෙළෙන මෝටර් රථ රියදුරකු බීමත්ව සිටි බව සඳහන් වීම හේතුවෙන් ඔහු අධිකරණය හමුවේ තමන්ට යුක්තිය ඉල්ලා තිබේ.

වෘත්තියෙන් ග්‍රැෆික් චිත්‍ර ශිල්පියකු වන රදාවාන පදිංචි 57 හැවිරිදි පුද්ගලයකු ජනවාරි 2 වැනි දින බ්‍රහස්පතින්දා දහවල් තම බිරිඳ සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට කිරිඳිවැල නගරයට පැමිණ තිබේ.

එහිදී ඔහු වෙත පැමිණි රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහු බීමතින් සිටි බව කියා එය සනාථ කර ගැනීමට පොලිස් ස්ථානයට ගෙන ගොස් ඇත.

මෝටර් රථ රියදුරා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 24 වැනි දින සිට තමන් මත්පැන් වීදුරුවක් හෝ ස්පර්ශ කර නොමැති බවයි.

කෙසේවෙතත්, පොලිසිය විසින් බලහත්කාරයෙන් කරන ලද ශ්වසන පරීක්ෂණය මත්පැත් සඳහා ධනාත්මක වී ඇත.

එහිදී මෝටර් රථ රියදුරු තමාව අධිකරණ වෛද්‍ය නිලධාරියකු (JMO) වෙත යොමු කිරීමට ඉල්ලා සිටියද පොලිසිය එය ප්‍රතික්ෂේප කර තිබේ.

පසුව ඔහු පොලිස් ඇප මත මුදා හරින ලද අතර ජනවාරි 7 වැනි දින පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

මෙම ගැටලුවට මුහුණ දුන් මෝටර් රථ රියදුරු චූලා බණ්ඩාර බන්නැහැක පවසන්නේ තමන් පසුදා රුධිර සාම්පලයක් ගෙන එය මධ්‍යසාර සඳහා සෘණාත්මක බව සොයා ගත් බවත්, තවත් වැදගත් පරීක්ෂණ කිහිපයකින් ඔහු දුර්ලභ දියවැඩියා රෝගයකින් පෙළෙන බවත් දැනගත් බවත්ය.

වෛද්‍ය වෘත්තිකයකු ඔහුට පවසා තිබුණේ, විශේෂයෙන් පාලනය කළ නොහැකි දියවැඩියාවේදී, රුධිරයේ අධික සීනි (හයිපර්ග්ලයිසිමියාව) කීටෝන නිෂ්පාදනයට හේතු විය හැකි බවයි.

ඉන්සියුලින් ප්‍රතිරෝධය හෝ ඉන්සියුලින් නොමැතිකම හේතුවෙන් සෛලවලට ග්ලූකෝස් ඵලදායී ලෙස භාවිත කළ නොහැකි වූ විට, ශරීරය ශක්තිය සඳහා මේදය බිඳ දැමීමට පටන් ගන්නා අතර, එය කීටෝන නිෂ්පාදනයට හේතු වේ.

මෙය දියවැඩියා කීටෝඇසිඩෝසිස් (DKA) ඇති කළ හැකි අතර එය රුධිරයේ අධික සීනි සහ ඉහළ කීටෝන මට්ටම් සහිත භයානක තත්වයකි.

අධික කීටෝන් මට්ටම් නිසා ඇසිටෝන් නිර්මාණය විය හැකි අතර එය ශ්වසන පරීක්ෂණයකදී මධ්‍යසාරවල ඇති සූත්‍රයට සමාන බව හඳුනාගත හැකි බව ඔහු පවසා තිබේ.

චුදිතයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අපරාධ නීතිඥ අජිත් පතිරණ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඉදිරිපත් කළ වෛද්‍ය විශ්ලේෂණය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයට ඉවසිලිවන්තව සවන් දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු පොලිස් පරීක්ෂණවලින් සෑහීමකට පත් නොවන්නේ නම් වරදකරු නොවන බව පිළිගැනීමට හැකි බව පෙන්වා දී තිබේ.

කෙසේවෙතත්, විත්තිකාර මෝටර් රථ රියදුරුට දැනටමත් විඳීමට සිදු වූ දැවැන්ත ආතතිය සහ මූල්‍ය වියදම් හේතුවෙන් ඔහු වරද පිළිගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවා රුපියල් 25,000ක දඩයක් නියම කර තිබේ.

නීතිඥ අජිත් පතිරණ පවසන්නේ පොලිසිය විසින් මෝටර් රථ රියදුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමු නොකිරීම නීතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවත් මධ්‍යසාර සඳහා රුධිර පරීක්ෂණයක් වහාම කළ යුතුව තිබූ බවත්ය.

වින්දිතයාට සිදු වූ අසාධාරණයට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය හේතු ඇති බව ඔහු පැවසීය.

කිරිඳිවැල පොලිසියේ සැක සහිත හැසිරීමට එරෙහිව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් ගොනු කළ බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් මෝටර් රථ රියදුරු සඳහන් කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජයමුණි පවසා ඇත්තේ දුර්ලභ වෛද්‍ය තත්ත්වයන් පොලිසිය සතු සාමාන්‍ය ශ්වසන පරීක්ෂණ යන්ත්‍ර පරීක්ෂණයට බාධා කළ හැකි අතර වැරදි ප්‍රතිඵල ලබා දිය හැකි බවයි.

එමගින් අහිංසක අයකු වරදකරු වීම නීතියට සහ සමාජයට නරක පූර්වාදර්ශයක් විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

දේශපාලනඥයකු බවට පත් වූ ව්‍යාපාරික ධනවතකු විසින් ආනයනය කරන ලද මෙම ශ්වසන පරීක්ෂණ යන්ත්‍රවල නිරවද්‍යතාවය කෙරෙහි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සමඟ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ (NTMI) මෑතකදී කළ සාකච්ඡාවකදී පවා අවධානය යොමු කළ බව ඔහු තවදුරටත් පවසා ඇත.

නවතම පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

උණුසුම් පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

දේශපාලන

Web image new template new (1)-Recovered
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි - පාඨලී අනතුරු අඟවයි
එක්සත් ජනරජ පෙරමුණේ...
Web 11 (3)
සමගි ජන බලවේගයේ මැයි රැළිය ඛේදවාචකයක් - අගමැතිනි -
සමගි ජන බලවේගයේ...
Web 09
රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා - සාගර
රජයට විරුද්ධ සියලු...
Web 08 (2)
ජූනි සිට විදුලි ගාස්තු වැඩි කිරීමක් - ජනපති
ජූනි සිට විදුලි...

Categories