2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:07
නවතම පුවත්

අරක්කුවලට අලුත් ගැසට් එකක් ගහලා

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි, අයවිය යුතු සුරාබදු ප්‍රමාණයන් නියම කරමින් මුදල්,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයාට සුරාබදු ආඥා පනත අනුව පැවරී ඇති බලතල අනුව නියමකර ඇති මෙම බදු ප්‍රමාණයන් ප්‍රකාශයට පත්කරමින් හා මෙම බදු සම්බන්ධයෙන් මීට පෙර බලපැවැත්වූ 2023.12.31 හා 2364/35 අති විශේෂ ගැසට් පත්‍රයේ 04/2023 දරන සුරාබදු නිවේදනය අවලංගු කරමින් මෙම ගැසට් නිවේදනය ජනවාරි 10 නිකුත් කර ඇත.

ඒ අනුව, නිෂ්පාදනාගාරවලින් නිකුත් කරන විශේෂ අරක්කු මධ්‍යසාර සෑම ලීටර් එකකටම රුපියල් 7244 ක් ,ඉක්ෂුපාත තල් ,පොල් සහ පදම්කළ අරක්කු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7752 ක් ,විදේශීය ස්ප්‍රීතු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7969 ක් ලෙස අයවිය යුතු සුරාබදු ප්‍රමාණ නියම කර තිබේ.

සැර ප්‍රතිශතය සියයට 05 හෝ ඊට අඩු ධාන්‍ය මධ්‍යසාර ලීටරයකට රුපියල් 5735 ක් හා එය සැර සියයට 05 ට වැඩි වන්නේ නම් රුපියල් 6015 ක් ලෙස සුරාබද්ද නියම කර ඇති අතර, මෙම දෙවර්ගයම යම් විදේශ රටක් වෙනුවෙන් මෙරට සිටින යම් තානාපති දූත මණ්ඩලයක ප්‍රයෝජනයට නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන විට, එම මත්පැන් සඳහාවූ ගෙවීම් එම මණ්ඩලවල විදේශීය ගිණුම්වලින් කරන්නේ නම් එම මත්පැන් ඕනෑම ප්‍රමාණයක් වෙනුවෙන් මෙකී බදු අය නොකළ යුතු යැයිද නියම කර ඇත.

රා හෝ වෙනත් ධාන්‍යවලින් සෑදු මත්පැන් හැර තාල වර්ගයේ හෝ වෙනත් පැළෑටියකින් ස්වාභාවිකව ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මත්පැන් මධ්‍යසාර ලීටරයකට රුපියල් 5735 ක්,මධ්‍යසාර ප්‍රතිශතය සියයට 18ට අඩු දේශීය ශාක ද්‍රව්‍ය හෝ ශාක නිෂ්පාදන හෝ සත්ව කිරි මගින් ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මධ්‍යසාර ලීටරයකින් රුපියල් 1567 ක් වශයෙන් සුරාබදු ප්‍රමාණයන් නියම කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නිපදවන කිරි පොන්සා මධ්‍යසාර ලීටරයකට රුපියල් 3982 ක් ,සැර සියයට 04 ට නොවැඩි සයිඩර් මධ්‍යසාර ලීටරයකට රුපියල් 4347 ක් වශයෙන් මෙම බද්ද නියම කර ඇත.

ඉහත සඳහන් සියලු මත්පැන් කවර ප්‍රමාණයක් වුවද අපනයනයේදී ඒ සඳහා නියමකර ඇති බදු ප්‍රමාණයන් අය නොකළ යුතු බවද නියම කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories