2025 අගෝස්තු 15 සිකුරාදා, 21:48
නවතම පුවත්

අයි.පී.එල් උණුසුම හෙට සිට

ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 18වැනි අදියර හෙට (22 වැනිදා) ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී ඇරැඹීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය පසුගිය වසර ශූර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ඇරැඹෙන අතර තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දීය ගායන සහ නර්තන තරු සමගින් පස්වරු 6ට ඇරැඹෙනු ඇත. මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණන 8කි.

වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටත්, කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටත්, දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරන අතරවාරයේ මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහ නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායමට ක්‍රීඩා කරනු ලැබේ. දසුන් හැරුණුකොට ඉතිරි ක්‍රීඩකයින් පසුගිය වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගැනුණු අතර දසුන් ශානකව පසුගියදා ක්‍රීඩක ආදේශකයක් ලෙසින් කණ්ඩායමට සම්බන්ධ කර ගැනුණි.

මේ අතර ලසිත් මාලිංගට සමාන ඉරියව්වකින් වමතින් පන්දු යවන ශ්‍රී ලංකා ක්‍රීඩක නවිඳු ප්‍රභාෂ් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමගින් දැල් පන්දු යවන්නකු ලෙස සම්බන්ධව සිටින අතර ඔහු පසුගියදා පුහුණු තරගයක් සඳහා ද සහභාගී විය.

කණ්ඩායම් 10ක් තරග වදින මෙවර තරගාවලිය මාස 2කට නොඅඩු කාලයක් පුරා පැවැත්වීම විශේෂත්වයකි. තරග 70ක් ඇතුළත් වන මූලික වටය මැයි මස 18 වැනිදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු ස්ථාන 4 දිනා ගන්නා කණ්ඩායම් 4 ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. මැයි 20, 21 සහ 23 යන දිනවල පැවැත්වෙන එම තරග වලින් අනතුරුව අවසන් මහා තරගය ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී මැයි 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories