අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඇති පාසල් 05කට හෙට (15)දා දින නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
ඒ, පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙනි.
ඒ අනුව බලපිටිය කනිෂ්ට විද්‍යාලය, බලපිටිය ශ්‍රීපති විද්‍යාලය, බලපිටිය මාදුව කනිෂ්ට විද්‍යාලය, හික්කඩුව මලවැන්න විද්‍යාලය සහ අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය යන පාසල් වසා තැබීමට නියමිතය.
මේ අතර ගාල්ල අධ්‍යාපන කලාපයේ ගනේගොඩ රෝමානු කතෝලික විද්‍යාලයට ද නිවාඩු ලබාදීමටයි කටයුතු කර ඇත.
පවතින වැසි තත්ත්වය හමුවේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය ගැනීමේ බලය පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශ කටයුතු කරයි.