දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් පීඩාවට පත්ව ඇත.
ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ද එම මධ්‍යස්ථානය සදහන් කළා.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පුර්ණයෙන් ම විනාශ වී ඇති බව වාර්තා වේ.
ජල පහරට හසුව කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවටයි වාර්තා වන්නේ.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලයි.ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 200,67කට අයත් පුද්ගලයින් 80,529ක් පීඩාවට පත්ව සිටින අතර,කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,904 කට අයත් පුද්ගලයින් 40,231 ක් පීඩාවට පත්ව තිබේ.