අයර්ලන්තය සමග පැවති පළමු 20-20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුණා.
මෙම තරගයේදී යළිත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා මාධවී පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් රැස් කරමින් ශ්‍රී ලංකා කාන්තා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ශ්‍රී ලංකා කාන්තා පිල අඛණ්ඩව ලද 6 වැනි 20-20 තරග ජයග්‍රහණයද මෙයයි.
චමරි අතපත්තු නොමැතිව කලකට පසු ක්‍රීඩා කළ මෙම තරගයේදී යොවුන් ක්‍රීඩිකාවන්ගේ දස්කම් යළි යළිත් කැපී පෙනුනා.