ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ 44%ක තීරුබද්ද 30%ක් දක්වා අඩු කිරීම ධනාත්මක ප්‍රවේශයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, ලැයිස්තුගත කර ඇති සියලු රටවල් අතරින් විශාලතම තීරුබදු අඩු කිරීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවට බවයි. මෙම තීරුබදු අඩු කිරීම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමේ ප්‍රතිඵලයක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (ජූලි 9) දින ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට තීරණය කළේය. මීට පෙර, පසුගිය අප්‍රේල් මාසයේදී 44%ක අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමක් සිදුකර තිබුණි.