2025 අගෝස්තු 17 ඉරිදා, 11:00
නවතම පුවත්

අභිරහස් බහාලුම් නිදහස් කිරීම අනාවරණය කළ නිලධාරීන්ට තර්ජන!

ශ්‍රී ලංකා රේගුව තුළ සිදුවූ බවට සැක කෙරෙන දැවැන්ත අක්‍රමිකතාවක් පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටු වාර්තාවක් පසුගිය ජුනි 12 වන දින එළිදැක්වීය. 2025 ජනවාරි 17, 18, සහ 19 යන දිනවලදී, අවදානම් කළමනාකරණ පද්ධතිය මගින් අනිවාර්යයෙන්ම භෞතික පරීක්ෂාවට ලක් කළ යුතු යැයි හඳුනාගෙන තිබූ බහාලුම් තුන්සියයකට අධික ප්‍රමාණයක්, කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවට මෙම වාර්තාවෙන් තහවුරු වී තිබේ.

මුදල් අමාත්‍යාංශ වාර්තාවේ දැක්වෙන්නේ, මෙම බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට කටයුතු කිරීම, රේගු ආඥා පනත මගින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවරා ඇති සාමාන්‍ය අධිකාරිත්වයේ බලතල ඉක්මවා ක්‍රියාකිරීමක් බවයි. එපමණක් නොව, රේගු දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන බහාලුම් නිදහස් කිරීමේ පිළිගත් ක්‍රමවේදයට පටහැනිව, “රතු” ලෙස වර්ගීකරණය කර තිබූ බහාලුම් නිදහස් කිරීම පටිපාටි උල්ලංඝනය කිරීමක් බවටද වාර්තාවේ සඳහන් වේ.

බහාලුම් නිදහස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබාදීම මගින්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට පනතින් ලැබී ඇති බලතල අතික්‍රමණය කර ඇති බවටද කමිටුව නිගමනය කර ඇත.
මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන්, අප සන්ධානය විසින් ජනවාරි 21 වන දින මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරන ලද ස්ථාවරය, මුදල් අමාත්‍යාංශ කමිටු වාර්තාව මගින්ද නැවත වරක් තහවුරු වී තිබීම විශේෂත්වයකි. අනීතික ක්‍රියාවලියක් අනාවරණය කරමින්, එය තවදුරටත් සිදුවීම වැළැක්වීමට කටයුතු කිරීම මගින්, තමන් සතු සමාජ වගකීමක් ඉටු කිරීමට හැකිවීම සම්බන්ධයෙන් වගකිව යුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් වශයෙන් තමන් නිහතමානීව ආඩම්බර වන බවට ඔවුන් නිවේදනය කරයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව තමන් සතු බලය අතික්‍රමණය කරමින් අනීතිකව බහාලුම් නිදහස් කිරීමට කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පසෙකලා, මෙම සිද්ධිය ජාතිය හමුවේ අනාවරණය කිරීමට කටයුතු කළ රේගු නිලධාරීන් ඉලක්ක කොට ඔවුන් “දඩයම්” කිරීම සඳහා යම් යම් පාර්ශ්වයන් උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories