මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වන කේ.එම්. සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන් අභියාචනාධිකරණයට පත්කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨතම මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වේ.
ඒ අනුව ඔවුන් ලබන සතියේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව සඳහන් වේ.