ඉදිරි මැතිවරණයේදී තමන් ගැන අනුකම්පා කර ඡන්දය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඊයේ පානදුර කළුදෑවල ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට එක්වෙමින් ඔහු මෙම ඉල්ලීම කළේය.මීළඟ දශකයේ රටේ තීරණාත්මක බලවේගය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කරන බවටද නාමල් රාජපක්ෂ එහිදී ප්‍රතිඥා ලබාදුන්නේය.
පක්ෂය දැන් මුහුණදී සිටිනේ අසීරු කාලසීමාවකට වන නමුත්, ඉක්මනින් “පක්ෂය නැගිටින” බව හෙතෙම සඳහන් කළේය