අපරාධ විමර්ශන කොට්ඨාස පළාත් මට්ටමින් පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බව හා දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවයි.
විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ ය.
ඇතැම් විමර්ශන සෘජුවම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ ය.