2025 අගෝස්තු 15 සිකුරාදා, 17:48
නවතම පුවත්

අපරාධ, මත්ද්‍රව්‍ය සහ රථවාහන වැරදි සම්බන්ධව 40,000 ක් කොටු වෙයි

පොලීසිය විසින් සිදුකරන අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට අදාළ ව සැකකරුවන් 30,000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජනවාරි මස 12 වැනිදා සිට මෙම මෙහෙයුම් ආරම්භ කළ බව අද (15) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය. එසේම මෙරට සියලු පොලිස් ස්ථාන ආවරණය වන පරිදි අදාළ මෙහෙයුම් ආරම්භ කළ බවද ඔහු පැවසීය.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 920 දෙනෙකුද විවෘත වරෙන්තුකරුවන් 14,000ක් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගයින් 16,000ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම බීමත් රියදුරන් 11,757 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

මෙම වැටලීම්වලදී ගිනිඅවි 197ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා ඒවා අතර ස්වංක්‍රීය ගිනි අවි මෙන්ම දේශීය නිෂ්පාදිත ගිනිඅවි ද පවතින බවද සඳහන් කළේය.

එමෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් කිලෝ 14ක්, හෂීස් කිලෝ 20ක් අයිස් කිලෝ 33ක් සහ ගංජා කිලෝ 1,123ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇති බවද සඳහන් කළේය.

මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා එහිදී වැඩිදුරත් පැවසුවේය. මේ අතර මෙම වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසුවේය.

මෙම වසර තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 13ක් වාර්තා වූ අතර ඉන් 07ක් සංවිධානාත්මක අපරාධ වෙඩි තැබීම් බවද ඔහු සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories