2026 මාර්තු 18 බදාදා, 04:49
නවතම පුවත්

පොල් ආනයනය කරන්න සැලසුමක්

අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් කැබලි ආනයනය කිරීම පිළිබඳ රජය සළකා බලමින් සිටින බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

පොල් හිඟය පියවා ගැනීම සඳහා පොල් අපනයනකරුවන් අවසර ඉල්ලා සිටීමෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමු වී ඇත.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසන්නේ පොල් ආනයනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවයි.

කෙසේවෙතත්, සමාගම් හෝ අපනයනකරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා අනුව පොල් ආනයනය කිරීමට ඉඩ දීම සඳහා සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ඔහු සඳහන් කරයි.

“අපි මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා, නමුත් අවසන් තීරණයකට එළඹ නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

සම්පූර්ණ පොල් ආනයනය නොකරන අතර පොල් කැබලි පමණක් ආනයනයට අවසර දෙන බව ඔහු පැහැදිලි කළේය.

පොල් අස්වැන්න පරිභෝජනයට ප්‍රමාණවත් වුවද, විවිධ කර්මාන්ත සහ වාණිජ අරමුණු සඳහා හිඟයක් ඇති කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

තවද, රජය සතු ඉඩම්වලින් (ජනවසම) පොල් වෙන්දේසි නොකරන බවත්, ඒ වෙනුවට පාරිභෝගික අරමුණු සඳහා සතොස අලෙවිසැල්වල විකුණන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

මාර්තු මාසයේ සිට පොල් අස්වැන්න වෙළඳපොළට පැමිණීම ආරම්භ වන බැවින්, පොල් මිල සහනදායක මට්ටමක පවත්වා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

“අපට පොල් අස්වැන්න නෙළීම සඳහා කන්න දෙකක් තිබෙනවා. පළමු කන්නය මාර්තු මාසයේ ආරම්භ වන අතර එමඟින් වෙළඳපොළට සැපයුම වැඩිවෙනවා. මෙය මිල ගණන් හිතකර මට්ටමක ස්ථාවර කිරීමට අපට උපකාරී වෙයි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය අඛණ්ඩව පහත වැටීම හේතුවෙන් දේශීය පරිභෝජනය සඳහා පොල් ආනයනය කිරීමට සිදුවිය හැකි බව පසුගිය සතියේ ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය අවධාරණය කළේය.

ඉදිරි අයවැයට සැළකිව යුතු පොහොර සහනාධාර ඇතුළත් කරන ලෙස ද ඔවුන් ඉල්ලා තිබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories