2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:04
නවතම පුවත්

අනුර ඉදිකළ වැව් හොයන්න කමිටුවක්.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ඉදිකරන ලද වැව් දස දහස මොනවාදැයි සොයා බැලීමට කමිටුවක් පත්කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

අනුර කුමාර දිසානායක ලොකු උත්සවයක් පවත්වා ආරම්භ කළ වැවක් හදා අවසන් කළේ තමන් විසින් බවද ඇමැතිවරයා පැවසීය.

අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී තංගල්ල නගරය ආසන්න පොළොංමාරුව ප්‍රදේශයේ වැවක් ඉදිකරන බවට ලංකාව පුරා පෝස්ටර් අලවා තිබූ බවත්, තමාද මෙම උත්සවයට සහභාගිවූ බවත් ඇමැතිවරයා කීවේය.

තංගල්ල නගරයේ සිට පොළොංමාරුව දක්වා තොරණ් ගණනාවක් ඉදිකර තිබූ බවත් ඇමැතිවරයා පැවසීය.

“මම එතකොට නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසයි කටයුතු කළේ. වැවේ කැපීම සඳහා ලොකු උත්සවයක් තිබුණා. අමුඩ ගහගත්ත ගොවීන් ආවා. ටිකිරි මැණිකෙලා කිරිබත් පෙට්ටි කරේ තියාගෙන ආවා. හැබැයි 2018 වසරේ මම කෘෂිකර්ම ඇමැති විදිහට ඇවිල්ලා තමයි වැව හදලා දුන්නේ.’’ යැයි ඇමැතිවරයා කීවේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories