උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර – මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ වේ.
ඒ, උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුවය.
ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීමද, මේ වන විට ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ ය.
දුම්රිය ගමනා ගමනය ආරම්භ කිරීමත් සමග හරස් මාර්ග භාවිත කරන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.